Sunday, November 14, 2010

අන්තර්ජාලයේ මගේ බිත්තිය.. - 4 විවේචනය

නම -අන්තර්ජාලයේ මගේ බිත්තිය
බ්ලොග් ලින්ක් - http://biththiya.blogspot.com
ආරම්භක දිනය -16 අගෝස්තු 2006
ලිපි ගනණ - 83 / ලාංකීයේ - 51

දැනට හමූ වූ පැරණිතම සිංහල බ්ලොග් රචකයා මොහු වන බව සහෘර්ද බ්ලොග් පාඨක ඔබට මෙසේ සනිටුහන් කරනුයේ මහත් වූ අභිමානයකිනි. වසර 2006 තම මුල්ම ලිපිය සිංහල බ්ලොග් අවකාශයට එකතු කරනුයේ අගෝස්තු මස 17 වන දිනකය. දොරට වැඩුම ලෙස නම් කර ඇති මෙහි ඇත්තේ පද හතරකින් යුතු  කවි පන්තියක් පමණක් බව  උදක්ම කිව යුතුමය.

උදෑසනම කිම ඉර අද....
ජාලය තුල මගුලක් වෙද....
පුවත් පතක් අරඹා ඇත..
එනු මිතුරනි ලියනු මැනව....

අන්තර්ජාලයේ මගේ බිත්තිය.. යන අඩවි නාමයට අමතරව බ්ලොග් පාඨයක් ඉදිරිපත් ( බිත්ති වල නරක දේවල් ලියන්න එපා කියල මම කියන්නෙ නැහැ..එහෙම ලිව්වහම කැතයි කියල විතරක් කියන්නම්... ) කරමින් සිංහල අපිට බ්ලොග්කරණය තුලg නව අංගයක් එකතු කර පෙන්වා දී ඇත. සිංහල බ්ලොග් කරුවන් ගේ සංසදය හෝ ලාංකීය සිතුවිලි හෝ කොත්තුව නැති කලක උවද එදිනම ප්‍රතිචාර හතරක් ලබා ඇතත් ... ඉන් අනතුරුව ලැබූ ප්‍රතිචාර මෙම වර්ශයේ ලද එවා බව පෙන්වා දීමට කැමැත්තෙමු. මෑතකදි සිංහලෙන් ලිවිමට පටන් ගෙන පොරවල් වීමට, උඩ පනින ඔලුව ඉදිමී ඇති සමහරක් මේ බව නොදන්නවා ඇත. එහෙයින් දැන්මම මෙම අඩවියට ගොස් ඒ නිහතමානීත්ව අඳුනාගන්න. ඉන්පසු ලියනු ලැබ ඇත්තේ "අපේ රාජ්ජේ....... " නම් වූ තවත්  කුඩා පැද පෙළකි. එයින් ඔහු මොනවට අදහක් කර ඇත්තේ මේ අවාකශය තුල තවමත් බොහෝ පිරිසක් එක් නොවී ඇති බවයි. එය සාධක සහිතව ඔප්පු වන්නේ එයට ඇති එකම එක ප්‍රතිචාරය නිසාමයි. එයද මේ වසර තුල එක් කරන ලද්දිකි.  ඉතින් ඔබ මදකට සිතන්න. අවාකශය තුල සැරි සරන ඔබ කොතෙකුත් දැක ඇති "අනේ මටත් කමෙන්ටුවක් දාන්නකෝ" යන මලප්‍රෙරේත ඇඬියාම මෙම අඩවිය තුල දක්නට නොමැත. කමෙන්ටු ගැන තැකිමක් නොකර තම රසවින්දනය උදෙසා සෙමින් ගමනක් යන මෙම් අඩවිය පෙන්වා දෙනුයේ වටිනා අදාර්ශයකි.


2006 වර්ෂයෙදි ලිපි 8 කට පමණක් සීමා වුවත් බ්ලොග් කරනය අත් නොහැරි මොහු 2007 වර්ෂයේදිද එක් ලිපියක් හෝ තැබීම බොහෝ සතුටු විය හැකි කරුණකි. 2008 දි ලිපි අටකටද , 2009 දි ලිපි19 කටද උරුම කම් කියමින් 2010 වර්ෂයේදි ලිපි 48 සටහන් කර ඇත. තාක්ෂනය, චිත්‍රපට ,විචාර පමණක්ම නොව එදිනෙදා සිදුවිම්ද එක් කරමින් පාඨක අපව වෙහෙස නොකර කෙටියෙන් තම අදහස් විදහා දක්වන්නට සමතෙකි. කතා කල යුතුම මාතෘකාව වනුයේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" යන පොත එලි දැක්වීම ගැනයි. ඒ පිළිබඳව ඔබේ අදහස් මෙම් සැබැඳියෙන් ගොස් සටහන් කරන්නේ නම් ඔහුට ශක්තියක් වනු ඇත. එලෙසම SBU හමුව ගැන ලිපියක් එක් කර ඇති නිසා ඒ ගැනත් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින්නේ, අද වන විට 2010 දී පවත්වන  SBU සුහද හමුව මේ වන විටත් කරලියට පැමිණ ඇති බැවිනි.

කියන දේ අසීම යන ලිපිය ඔබ නොවරදාවාම කියවිය යුතුමය යයි අපි නිර්දේශ කරන්නෙමු. ඉක්මනින් සල්ලි හෙවීම ගැන බර බර ලිපි දාන පුංචි මල්ලිලා සෙට් එක මේ ලිපිය බලන්න. "මගේ ඇඩ්සෙන්ස් ආදායම".

ඊලඟ විවේචනය  හද ගී පොත... වනු ඇත.

Saturday, November 6, 2010

රනා ලියන බ්ලොග් - 3 විවේචනය

නම -රනා ලියන බ්ලොග්
බ්ලොග් ලින්ක් - http://rana-liyana-blog.blogspot.com/
ආරම්භක දිනය -23 ජුනි 2009
ලිපි ගනණ - 75 / ලාංකීයේ - 35

තුන් වල ලිපිය සඳහා  රනා ලියන බ්ලොග් යොදා ගැනීමට හේතුව වූයේ මුලින්ම ප්‍රතිචාරයක් දක්වීමට දරන ලද උත්සාහයට කෘතගුණ දැක්වීමටය. ගිය වසරේ මැද භාගයේදි ආරම්භය සනිහිටුවන් කලද මෙම සිංහල බ්ලොගය තුල ඇති ලිපි ගණන ඉතාමත් ස්වල්පය. විවධ පතයන් ඔස්සේ ලියවුනු ලිපි සහිත මෙම අඩවිය වැඩිම ලිපි සංඛ්‍යවක් ලීයූ මාසය වනුයේ අප්‍රේයල් මාසයයි. ඒයට හේතුව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මෙහෙයවූ මැරතන් ඉසව්වයි. මැරතන් තඟයට සිදුවූයේ කුමක්ද යන්න හෝ එයින් ජයගත්තේ කවුරුන්ද යන වග මෙතෙක් රහසක්ව පවත්වාගෙන යාම එම ඉසව්වේ පාරදෘශ්‍ය බාවය මොනවට පිළිඹිබු කරයි. වෙනම දිනයක ඒ මැරතන් ඉසව්ව පිළිබඳ සටහනක් තබන්නෙමු.

දේශපාලනිකව එක් කඳවුරකට තම උපරිම සහාය දැක්වීමට පහුගිය කල හැසිරී ඇති බව පෙන්වන ලිපි කිහිපයක් දක්නට ඇත. පෙරවදනක් හා පිදුමකින් පටන් ගන්නා රනා ලියන බ්ලොග් වර්තාම නවක බ්ලොග් කරුවන්ටද පූර්වාදර්ශයක් දී ඇත. රූපවාහිණීය ‍මූලික කොට දමන ලදි ලිපි සංඛ්‍යවක්ද ඇති නිසා මධ්‍ය අසුරෙන් ඒ මත යෑපි ලිපියක් ගොඩ දාගන්නා බව හැඟීයයි. උදාහරණ ලෙස සිරස සුපර් ඉස්ටාර් සහ අල්ලපු ගෙදර නංගී ගෙන හැර දැක්විය හැක. නමුත් ඒ තුලින් සමාජයට පණිවුඩයක් රැගෙන ගොස් ඇත. ගොරකා මත යෑපි ගොරකා ලිපි තුනක් පල කරන ‍මෙම බ්ලොග් අඩවිය ඉන් පසු දිගටම ගොරකා ගති පෙන්නුම් කරමින් ඔනාවට එපාවට මෙන් පින්තූර ප්‍රදර්ශණය කීරිමට පටන් ගෙන ඇති බව මෑතක ලියන ලද සියලුම ලිපි සාක්ෂි දරයි.

බ්ලොග් මැරතන් සිදුවූ දින ලියන ලද ලිපි තුලින් පෙන්වූ හරවත් බව හෝ නොහැකියාව බෝහෝ පාඨකයන් අතර ගියේ නැත. අමාරුම ඉසව්ව ඉවරයි  යන ලිපිය හෝඳින් කියවා බැලිය යුතු යැයි ඔබට යෝජනා කරන්නෙමු. තාක්ෂණික මෙන්ම සමාජයේ පැතිකඩයන් හරවත් ලෙස ගෙන හැර දැක්විය හැකි මෙවන් බ්ලොග් කරුවන් ගොරකා ලිපි දැමිමේ තත්වයට ඇද වැටීමට යම් යම් හේතු බලපෑ හැක. එනමුදු මාසයකට එක් ලිපියක් හෝ දැමිමේ කෑඳර කමට ලොල් වී වටිනා කමක් නැති පින්තුරයක් දමා බ්ලොග් අඩවිය කැත කරගැනීම මොහු වැනි අයකුට තරම් නොවේ. නිදහස් මෘදුකංග පිළිබඳව මෙන්ම පරිගනක තාක්ෂණය පිලිබඳවද දැනුමක් ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත් මොහු තවත් එක් නිර්ණාමික බ්ලොග් කරුවෙක් පමණී.

කවි ලිවීමේ හා විචාරය කිරිමේ හැකියාව ඇති ඔබගේ මෑත කාලීන සෑම ලිපියක්ම කිසිඳු වැදගැම්මකට නැත.  ඔබද අප හා එකඟවනවාට කිසිඳු සැකයක් නැත. එහෙයින් ආරම්භයේදි සිදු කල ලෙස හරවත් ලිපි ලිවිමට ඔබට හැකිවේවායි, අපි විවේචන කණ්ඩායමක් ලෙස ප්‍රාර්ථනා කරමු.

ඊලඟ විවේචනය  අන්තර්ජාලයේ මගේ බිත්තිය කරා එනු ඇත

Friday, November 5, 2010

විවේචන කලාව හා කොත්තු සමග එක්වීම

මුලින්ම ස්තුති වන්ත වෙනවා කොත්තු සින්ඩිකේටරයට. මොකද දැන් විවේචන අඩවියට ඒමට ඔබට කොත්තු හරහාද පුලුවනි. දන්නා තරමට දෙවනියට කරලියට පැමිණි සින්ඩි‍කේටරය කොත්තු විය යුතුයි. අප වැරදි නම් නිවැරදි කරන්න.


විවේචන අඩවිය පටන් ගත් පසු පාඨක ඔබේ වැඩි අවධානයක් මේ දෙසට යොමුව ඇති බව අපට හැඟියයි. ඒය සාදනය කර ගැනිමට ගුගුල් විසින් සපයා දෙන විශ්ලේෂන ක්‍රමය යොදාගන්නා ලදි. එලෙසම ‍කමෙන්ට් කිහිපයකින් විවේචනයේ, විවේචන  යම් කිසි කතාබහකට ලක් කර තිබුණි. එම නිසා අද මෙම ලිපිය නැඹුරු වනුයේ විවේචනය යනු කුමක් දැයි අප දැනුමට පරිදි පහදා දීමයි. ඊට පෙර 2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි නම් වූ ටැබූ ලියූ ලිපිය කියවා බලන්න. විවේචනයේ මුලින්ම විවේචනයට ලක් වූ මාරයාගේ හෝරව හා සොඳරු සිත යන අඩවි සම්මානයට පාත්‍ර වී ඇත.

සිංහල බ්ලොග් කරනයට අදාලව විවේචනයක් යනු, හුදෙක් වැරදි පෙන්වීම පමණක් නොවෙයි. විවේචනය බ්ලොග් අඩවියට ප්‍රසංශා කරමින් හා දූරදර්ශණට ලක් කරමින් කල හැක. මෙහිදී අප තෝරාගත් මුල්ම අඩවි දෙක තුල වැරදි වලට වඩා තිබුණේ වටිනා කම් නිසා, එම අඩවි දෙකෙහි තිබූ දුර්වලතා නොසැලකීය හැකි විය. නමුත් ඉදිරියේදි තෝරා ගන්නා බ්ලොගය අනුව මෙය හාත්පසින්ම වෙනස් විය හැක. උදාරණයකට ඊලඟට ලියෙවෙන රනා ලියන බ්ලොග් තුලින් විවේචනය අලුත් මගක් ගනු ඇත. තවද විවේචනයක් එය සිදු කරන පාඨකයා හෝ විද්වතා අනුව වෙනස් වෙයි. අප කරන විවේචනයට සමහර විට ඔබට පිළිකුලක් ඇති කරත්, තව අයෙකුට ආශීර්වාදයකි.

විවේචනයට ලක් වන සෑම බ්ලොග් අඩවියකම සියලුම ලිපි අප විසින් විශ්ලේෂණ කරනු ලබයි. ඉන් අනතුරුව සමත්ථයක් ලෙස එම අඩවියේ පොදු ගුණාංග එකතු කර, සිදු කරන විවේචනය කොටස් කරනු ලබයි. විවේචනයක් සිදු කරන ආකරය සම්මත කොට මෙලෙසයි කියා අපට පූර්ව නිගමනයන්ට පැමිණිය නොහැක. එය අවස්ථානුකූල වෙනස් වෙයි. බොහෝ විට විවේචකයාගේ පුද්ගලික අදහස් විවේචනයට දැඩි බලපෑම් එක් කරයි. ඒ කෙසේ වෙතත් ඔබ විසින් සපයා දුන් කරුණු කාරනා එකතු වෙන්ද  වෙනස්වීමකට භාජනය වී ඉදිරියේදී ඔබ අඩවිය කරාද විවේචනය පැමිණෙනු ඇත. එතෙක් රැදී සිටින්න.