Sunday, October 31, 2010

සොඳුරු සිත - 2 විවේචනය

නම - සොඳුරු සිත
බ්ලොග් ලින්ක් - http://sodurusitha.blogspot.com
ආරම්භක දිනය -18 සැත්තැම්බර් 2009
ලිපි ගනණ - 260 / ලාංකීයේ - 175

මේ විවේචනයට ලක් වන දෙවන අඩවියයි. බ්ලොග් කරණයට වයස් බේදයක්, පන්ති බේදයක් නැතුවා සේම, ස්ත්‍රී පුරුෂ බේදයක්ද නැති වග පෙන්වා දීමට හොඳම නිදසුන වත් ලියන සොඳරු සිතයි. වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු මෙම අඩවිය මේ වන විට ලිපි 260 කට හිමි කම් කීවත් ප්‍රසිද්ධ යයි හා තාක්ෂණය අතින් ඉහල තැනක යයි උදම් අනන ලාංකීයේ පෙන්වනුයේ 175 ක් ලෙසය. විනෝදංශයක් ලෙස මෙම අඩවිය පවත්වාගෙන යන බව විවේචනයට හැඟි ගියත්, සමහර අවස්ථාවල පුද්ගලික අත්දැකිම්ද පාඨකයා රවටමින් ඉදිරිපත් කීරිමට මැයට සුවිශේෂි හැකියාවක් ඇත.


කවියට සමත් මැය කිවිඳියක් යැයි කීමට, විවේචනය දෙවරක් නොසිතයි. දිනකට ලිපි දෙක තුනද සමරවිට එක් කිරිමට තරම් සමත් ඇය, බ්ලොග් කරණයට ඇබ්බැහි වී ඇති බව කීම, මුසාවක් නොවෙයි. ලියා ඇති කවි අතරින් විශේෂ කොට ‍එක් කවියක් තෝරා ගැනීම, දැනට ලියා ඇති අනික් කවි 112 ට කරන බලවත් අසාධරණයකි. බ්ලොග් කරණයට අලුත් අංගයක් [ අවසන වක්‍ය ඛන්ඩයක් සමග වත් කියා දැමිම ]ඉදිරිපත් කල ඇය නොදන්නා වෙනත් බ්ලොග් කරුවෙක් නැතැයි කීම ආවැඩීමක් නොවෙයි. ආදරයට හා විරහවට වැඩි ඉඩක් දෙමින් අකුරු කරන මෙම අඩවිය තුල පාඨක ඔබට, සෑම අලුත් ලිපියකින්ම එකිනෙකට වෙනස් වූ අර්තවත්, අදහසක් ඉදිරිපත් කර ඇත.


තම නැගෙණියගේ විවාහ වීම අලලා ලියූ, මව් කෙනෙකුට සමාන ආදරයක් තම නැගෙනියට දක්වමින් එක් කල ෴ හෙට දීගෙක යන ... ඇය මගේ නැගණියයි ෴ සංවේදී සටහන ඔබ අප කා හටත් නෙතට කඳුලක් ගෙනදුනි. සමස්ථ අඩවිය විවේචනය කීරිමට ගියහොත්, වෙන වෙනම විවේචන එක් එක් ලිපියට ඉදිරි පත් කල හැක. එබැවින් මෙම අඩවිය දෙවනියට ‍තෝරා ගැනිම, මෙයට කල මදි පුංචි කමකි. මන්ද යත් මෙය තම නිර්මාණ පමනක් කරන අංක එකේ බ්ලොග් අඩවියකි. එබැවින් මෙහි විවේනයට ලක් විය යුතු යැයි වඩාත් සිතිය හැකි, [ එයද කීරිම මහත් වූ අසීරූ කර්යයකි ] ලිපි නුදුරු දිනකදි වෙන් වෙන්ව ගෙන අරුථ දක්වනු ඇත.


කෙටි කතාව, කවිය හා පුද්ගලික අත්දැකීම් වෙන් වෙන්ව දක්වමින් ඉතාමත් සිත්ගන්නා ස්වරූපයෙන් පාඨක ඔබ වෙත එන වත් ගේ සොඳුරු සිත වෙත ඔබ තවමත් පිවිස නැති නම් අදම ගොස් එහි රසය හඳුනා ගන්න.

විවේචනයට ලක් කල නොහැකි තරම් ආශ්වාදයක් ගෙන දෙන වත් ගේ සොඳුරු සිත විවේචනයට ලක් කල 
මම
෴ විවේචන෴ 


ඊලඟ විවේචනය රනා පසුපස එනු ඇත. මන්ද යත්, ඔහු මෙම අඩවියට කමෙන්ට් කීරිම උත්සාහ කර, එය කල නොහැකි බව දැන්වූ නිසාවෙන් විවේචනයේ නිහතමානි ගරුත්වය ඔහුට නිතැතින්ම හිමි වීමයි.

Sunday, October 24, 2010

විවේචනය SBU වල

අද දිනය තුලදි විවේචන අඩවිය SBU තුලටද ඇතුලත් කර ගත් බව දන්වමින් ඊමෙයිලයක් ලැබී තිබුණි. කෙසේ වෙතත් දැන් ඔබ සැමට විවේචන කරා පැමිණිමට SBU හා ලාංකීය යන සින්ඩි දෙකම යොදා ගත හැක. එක් එක් සින්ඩියෙහි අඩු පාඩු සමගින් වෙනත් දවසක විශේෂ වූ විවේචනයක් සිදු කරනු ඇත. එතෙක් අද දින ලියූ, මාරයාගේ හෝරාව - 1 විවේචනය කියවන්න.

මාරයාගේ හෝරාව - 1 විවේචනය

නම - මාරයාගේ හෝරාව
බ්ලොග් ලින්ක් - http://ctkumara.blogspot.com/
ආරම්භක දිනය - 08 නොවැම්බර් 2009
ලිපි ගනණ - 196 / ලාංකීයේ - 100 


විවේචනයේ මුල්ම ලිපිය පොරොන්දූ වූ පරිදි මෙලෙස මාරයාගේ හෝරාවට වෙන්වෙයි. බොහෝ බ්ලොග් රචකයන් හා පාඨකයන් අතර නමක් දරා සිටින විවිධ මතෘකා හා අර්තවත් රසවත් මෙන්ම මනසට වහල් වී කරන බොලඳ ලිපි වලින්ද සමන් විත, කාන්සිය හා පලුව මකා දැමිමේ අරමුණීන්ම ලි‍යැවේයයි සිතිය හැකි බ්ලොග් අඩවියකි. මසකට ලිපි දහයක් පමණ වේගයක් රඳා පවත්වාගෙන යන මෙම අඩවිය දැනට ලිපි 196 ක් ලියා ඇතත්, ලාංකීය සිතුවිලි වල දිස් කරනුයේ ලිපි 100 ක් ලෙසයි.[ අතර තුර සින්ඩි විවේචනයද සිදුවෙයි ]. 08 November 2009 ලෙස ආරම්භක දිනය සටහන්ව ඇත.

වැඩි පාඨක ප්‍රතිචාර ලද ලිපි පෙළ වනුයේ, පන්සල් ජීවිතය මූලික කොට ලියන ලදි ලිපි පෙළටයි. නමුත් සමහර විට තව පිරිසකගේ අප්‍රසාදයට ලක් වූයේද මෙම කතා මාලාවම විය හැක. සමාජයේ අනේක විවද සමාජ ස්තර හා ගැටෙමින් තමා ලද ජීවන ඇත්දැකීම් එක් කොට ලියැවෙන ලිපි පෙලත් කියවන පිරිස රොක් වූ තවත් පරිච්චේදයක් විය. ඉඳ හිට තමා ලද දැනූම වූ ජෝතිෂය මත ලියැවෙන ලිපි, පොරකමින් පෝලිමේ එන පිරිස දැකීම ඔහු මෙන්ම අපවද මවිතයට පත් කරන ලදී. නවීන තාක්ෂනය ,පැරණී මත ,අලුත් ලෝකය යන මේ මත කොතෙකුත් තිබුණාද බ්ලොග් ලියන පරිගනක යුගයේ ජාල ජාලියෝද තම අනාගතය දැන ගැනීමේ අටියෙන් මාරයා විසින් ලියන ලද ජෝතිෂ ලිපි සඳහා ඒකව සිටියහ.

එදිනෙදා ජිවින මගේ හෝ දවසේ අත් දැකීම් බ්ලොග් ලිපියකට මනා කොට පෙලගස්වන බේබදු චරිතයක් යයි කිව හැකි මාරයා, බේබද්දෙක් නොවන බව නම් කිව යුතු යයි හැ‍ඟේ. මන්ද යත් ඔහු මෙලෙස අරක්කු බෝතලයට හා බයිට් වලට යට වීමට හේතුව කාන්සිය හා මාන්සිය මනේම නැති වී ගිය ආදරයද යයි, ඔහුගේ ලිපි වලින් මොනවට පිළඹිබු කරයි. කව් ලි‍ව්මේ මනා හැකියාවක් ඇති ඔහු විසින් ලියන ලද, කවි හරහා ගොස් ඔබට රසවිඳිය හැක. එම කවි අතර විවේචනයේ ඇස යොමු වූ එක් කවි පෙළක් වනුයේ, අන්තරාදායකයි.. පැදි පෙළයි.

නෙතින් දොඩමළු වීය ඉඳහිට..
සිතින් වූවද විටක ළං විය..
අසම්මත බව දැන දැනම මුත්..
අසංවර සිත ගියා දස අත..

කොහේදෝ සිට පාව ඇවිදින්..
ඔබ රැදී නෙතු මායිමෙ..
සසල සිත ළග උනා ලෙන්ගතු..
වරද කා අත නොම හැගේ..

අනුන් සතු විජිතයක රැජිනක්..
දැන දැනම විත් හිතේ රැදුණත්..
හෙටක් ගැන හෝ සිතා ගන්නට..
නොහැකි පෙම් සිහිනයකි තවමත්.. 

ඉද හිට දේශපාලනය හා බැඳි පවතින ලිපි අතර, පාඨක ජනතාව හාස්‍යයෙන් නහවන ලිපිත් ඇත. ඒ අතර ජංගේ කතා පෙරමුනේ සිටියි. ලිපි 168 ක් අතුරින් මේක යයි සම්මත කොට වඩා වැදගත් හා රසවත් ලිපිය නම් කිරිම ඉතාම අපහසුය. එහෙයින් ඔබත් දැන්ම ගොස් මෙම අඩවිය කියවා බලා ජීවිතයට ගත හැකි පාඩම් හා ආදර්ශ ලබා ගෙන. අරක්කු බෝතලය හා බයිට් පැකට් එක මාරයාටම ඉතුරු කර වෙරි නොවි ආපසු පැමිණේන.

ඊලඟ විවේචනය සොඳුරු සිත අඩවිය කරා පැමිණෙනු ඇත


රනා විසින් පෙන්වා දුන් ප්‍රතිචාර දැක්විය නොහැකි බව දැන් නිවැරදි කර ඇත

Thursday, October 21, 2010

විවේචනය ලාංකීය සිතුවිලි වල

අද පටන් ඔබට ලාංකීය සිතුවිලි හරහා විවේචන අඩවියට පැමිණ හැක. මෙම අඩවිය පටන් ගැන්මේ අරමුණ වූ එක් එක් බ්ලොග් විවේචනය ඊලඟ ලිපියේ සිට බලාපොරොත්තු වන්න. එයට මූලාරම්භය ලෙස මුලින්ම විවේචනයට ලක් වන්නේ මාරයාගේ හෝරාව අඩවිය යයි. සතියකට එක ලිපිය බැගින් අඩවි වි‍වේචනය සිදුවනු ඇත. එලෙසම ඊලඟ විවේචන ලක් වන අඩවිය වර්තමාන විවේචනයට ලක්වූ ලිපිය සමග දක්වනු ඇත.


අතර තුර දිනයකදී සින්ඩි එකිනෙක විවේචනයට ලක් වනු ඇත.

Wednesday, October 20, 2010

ලිපියක් මාකට් කිරීම

එක් එක් සින්ඩි ව්වේචනය ආරම්භයේ සැලසුම් කර සිටියත්, කිසිඳු සින්ඩියකින් තවමත් විවේචන අඩවිය ඇතුලත් කරගෙන නොමැති හෙයින්, ලිපියක් මාකට් කර පෙන්වීම අරමුණු කරගෙන මෙම සටහන තබමු. එහෙයින් සමත්ථ බ්ලොග් කියවන අලලා මෙම විවේචනය ඉදිරිපත් කරමු.

ෆොස් බුක් හී කිසිඳු ෆැන් පිටුවක් නොමැත. වෙනත් මිතුරන්ද නොමැත. එලෙසම කිසිඳු බ්ලොග් කියවනයක මෙම අඩවිය නොමැත. එහෙව් කලක කෙසේ නම් අඩවියක් ප්‍රචලිත කරන්නේ දැයි ඔබට සීතිමටවත් පුලුවන්ද?.  බ්ලොග් කියවන වලින් මනා පිටුබලයක් ගෙන දුන්නද, ඔවුන් පවතින්නේ අපි වැනි බ්ලොග් අඩවි නිසා බව නොදන්නවා විය නොහැක. නමුත් බොහෝ බ්ලොග් ලියන්නන් සින්ඩි මත යැපී ඒවාට කබුරන නිසාවෙන් ඔවුන් ඔවුන්ට ඔනෑ දේවල් කරයි. සෑම බ්ලොග් කියවනයක්ම ඔවුන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යයි. ආරම්භයේදි බොහෝ යටහත් පහත්ව පැමිණ කල් යත්ම කොහේදෝ තිබුණු හයියක් ගෙන බ්ලොග් කරුවන් කොකා පෙන්වයි.

පැවිති ඒකධිකාරයක් නැති කරමින් පැමණි අලුත් බ්ලොග් කියවන පෙර පැවති සින්ඩි වලට හපන් විය. හරියට ඉඟුරු දී මිරිස් ගත්තා ලෙස අර්ත ගැන්විය හැක. කෙසේ වෙතත් දැනට බ්ලොග් කියවන දහයක් හෝ දොලහක් පමණ ඇත. එයිනුත් වැඩි පාඨක ප්‍රතිචාර ලබනුයේ හතරක් හෝ පහක් පමණි. අනික්වා බොහෝමයක් තරඟයට හැදුවා වීනා කිසිදු වෙනත් අරුතක් නොමැත. එම පවත්වාගෙන යන ඒකධිකාරය බිඳි දැමිමට කල හැකි දෙයක් නැතැයි ඔබ සිතනවා ඇත. එහෙත් බැරි වෙලාවත් එකිනෙක බ්ලොග් අඩවි එම හයිරම් පාට් දාන් සින්ඩි වලින් ඉවත් කරගත් දාට උන්ට කල කී හැකි දෙයක් නොමැතත. අන්න එදාට සියලුම බ්ලොග් අඩවි බලයෙන් මෙන් සින්ඩි කේට් කරනු ඇත. එවිට තෝරා බේරිම් වල් ද නැද්ද පොඩි එවුන්ට ද ලොකු එවුන්ටද යනාදි කිසිඳු බේදයකින් තොරව ඔහේ සින්ඩිකේට් කරනු ඇත. එවන් තත්වයකට පත්විම වැඩි ඈතක නොවුන ඇත.

Sunday, October 17, 2010

සින්ඩි විවේචනය

ආරම්භය විදිහට කරන්නේ ප්‍රසිද්ධ යැයි සම්මත හා වැඩිපුර නටන සින්ඩි ගැන විවේචනය කීරිම. හැබැයි මේක කරන්න ගිහින් ඒ ඒ සින්ඩි වලින් මේ බ්ලොග් එක අයින් කරයි හෝ අතුලත් කර නොගෙන සිටිවිදැයි සැකයක් පවතියි. ඒ කොහොම වෙතත් බ්ලොග් නිසා සින්ඩි පවතින බව ඒ කරන අයත් දන්වා ඇති. ඒහන්දාම මේක ඇතුලත් කරගනියි.

ඒ ඒ සින්ඩි මේ බ්ලොගය ඇතුලත් කල විගස පළමු ලිපිය ලෙස සින්ඩි විවේචනය සිදු වනු ඇත.

විවේචනයේ ආගමනය

බ්ලොග් අවකාශයේ අහු මුලු වල වෙන හැම දෙයක්ම විතරක් නෙමෙයි. කමෙන්ට් මොඩරේට් කරලා අන්මත ඉවසන්න බැරි, තමුන්ගේ මතය විතරක් ස්තීර කරන්න හදන හැමෝටම පහර වදින්න,  තෝතන්නක් විදිහට තමයි විවේචන බ්ලොගය ඔබ අතර එන්නේ.  එහෙන් මෙහෙන් බ්ලොග් එකක් කියවලා විවේචය නොකර. ලියා ඇති සියලු ලිපි කියවලා බ්ලොගය ගැන විවේචනයක් වගේම, එහි පිටුපස සිටින බ්ලොග් රචකයා ගැනත් සාධරණ හෝ කෙල විලා යන විවේචනයක් කරන්නත් අමතක කරන්නෙ නැහැ.


බලමු මොකද වෙන්නේ කියලා .................