Sunday, October 31, 2010

සොඳුරු සිත - 2 විවේචනය

නම - සොඳුරු සිත
බ්ලොග් ලින්ක් - http://sodurusitha.blogspot.com
ආරම්භක දිනය -18 සැත්තැම්බර් 2009
ලිපි ගනණ - 260 / ලාංකීයේ - 175

මේ විවේචනයට ලක් වන දෙවන අඩවියයි. බ්ලොග් කරණයට වයස් බේදයක්, පන්ති බේදයක් නැතුවා සේම, ස්ත්‍රී පුරුෂ බේදයක්ද නැති වග පෙන්වා දීමට හොඳම නිදසුන වත් ලියන සොඳරු සිතයි. වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු මෙම අඩවිය මේ වන විට ලිපි 260 කට හිමි කම් කීවත් ප්‍රසිද්ධ යයි හා තාක්ෂණය අතින් ඉහල තැනක යයි උදම් අනන ලාංකීයේ පෙන්වනුයේ 175 ක් ලෙසය. විනෝදංශයක් ලෙස මෙම අඩවිය පවත්වාගෙන යන බව විවේචනයට හැඟි ගියත්, සමහර අවස්ථාවල පුද්ගලික අත්දැකිම්ද පාඨකයා රවටමින් ඉදිරිපත් කීරිමට මැයට සුවිශේෂි හැකියාවක් ඇත.


කවියට සමත් මැය කිවිඳියක් යැයි කීමට, විවේචනය දෙවරක් නොසිතයි. දිනකට ලිපි දෙක තුනද සමරවිට එක් කිරිමට තරම් සමත් ඇය, බ්ලොග් කරණයට ඇබ්බැහි වී ඇති බව කීම, මුසාවක් නොවෙයි. ලියා ඇති කවි අතරින් විශේෂ කොට ‍එක් කවියක් තෝරා ගැනීම, දැනට ලියා ඇති අනික් කවි 112 ට කරන බලවත් අසාධරණයකි. බ්ලොග් කරණයට අලුත් අංගයක් [ අවසන වක්‍ය ඛන්ඩයක් සමග වත් කියා දැමිම ]ඉදිරිපත් කල ඇය නොදන්නා වෙනත් බ්ලොග් කරුවෙක් නැතැයි කීම ආවැඩීමක් නොවෙයි. ආදරයට හා විරහවට වැඩි ඉඩක් දෙමින් අකුරු කරන මෙම අඩවිය තුල පාඨක ඔබට, සෑම අලුත් ලිපියකින්ම එකිනෙකට වෙනස් වූ අර්තවත්, අදහසක් ඉදිරිපත් කර ඇත.


තම නැගෙණියගේ විවාහ වීම අලලා ලියූ, මව් කෙනෙකුට සමාන ආදරයක් තම නැගෙනියට දක්වමින් එක් කල ෴ හෙට දීගෙක යන ... ඇය මගේ නැගණියයි ෴ සංවේදී සටහන ඔබ අප කා හටත් නෙතට කඳුලක් ගෙනදුනි. සමස්ථ අඩවිය විවේචනය කීරිමට ගියහොත්, වෙන වෙනම විවේචන එක් එක් ලිපියට ඉදිරි පත් කල හැක. එබැවින් මෙම අඩවිය දෙවනියට ‍තෝරා ගැනිම, මෙයට කල මදි පුංචි කමකි. මන්ද යත් මෙය තම නිර්මාණ පමනක් කරන අංක එකේ බ්ලොග් අඩවියකි. එබැවින් මෙහි විවේනයට ලක් විය යුතු යැයි වඩාත් සිතිය හැකි, [ එයද කීරිම මහත් වූ අසීරූ කර්යයකි ] ලිපි නුදුරු දිනකදි වෙන් වෙන්ව ගෙන අරුථ දක්වනු ඇත.


කෙටි කතාව, කවිය හා පුද්ගලික අත්දැකීම් වෙන් වෙන්ව දක්වමින් ඉතාමත් සිත්ගන්නා ස්වරූපයෙන් පාඨක ඔබ වෙත එන වත් ගේ සොඳුරු සිත වෙත ඔබ තවමත් පිවිස නැති නම් අදම ගොස් එහි රසය හඳුනා ගන්න.

විවේචනයට ලක් කල නොහැකි තරම් ආශ්වාදයක් ගෙන දෙන වත් ගේ සොඳුරු සිත විවේචනයට ලක් කල 
මම
෴ විවේචන෴ 


ඊලඟ විවේචනය රනා පසුපස එනු ඇත. මන්ද යත්, ඔහු මෙම අඩවියට කමෙන්ට් කීරිම උත්සාහ කර, එය කල නොහැකි බව දැන්වූ නිසාවෙන් විවේචනයේ නිහතමානි ගරුත්වය ඔහුට නිතැතින්ම හිමි වීමයි.

7 comments:

Geeth Nuwan said...

බ්ලොග්කරනයට අලුත්ම අත්දැකීමක් !! නියමයි. දිගටම කරගෙන යන්න

චතුරංග රූපසිංහ said...

වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු මෙම අඩවිය මේ වන විට ලිපි 260 කට හිමි කම් කීවත් ප්‍රසිද්ධ යයි හා තාක්ෂණය අතින් ඉහල තැනක යයි උදම් අනන ලාංකීයේ පෙන්වනුයේ 175 ක් ලෙසය

lankeeya sithuwili armba kireemen pasu lankeeya sithuwili thulin diswuu lipi ganana mesee penway

sahan ළියනගෙරත්ගමයා said...

මේ මගේ පුද්ගලික හැගීම...
බ්ලොග් එක කියවගෙන ගියාම ඇත්තටම හිතුවේ වත් අක්කා ආඩමබරයි කියල...ඒ බ්ලොග් එකේ තියෙන දේවල් වලින්...ඇත්තටම එහෙම නෑ කියල දැනගත්තේ පස්සේ..
වත් අක්කා ලියන නිසැදැස් වලට ගහන්න තරම් නිසැදැස් කාටවත් ලියන්න බෑ කියලා...වැඩිපුරම ලියන්නේ සංවේදී ලිපි....ඒවගේම ලියන ලිපිත් වැඩිය දිග නෑ...ඒක නිසා කියවන්න හිතෙනවා...
විවේචන දිගටම කරගෙන යන්න..අලුත් දේවල් කරන උන්ට රත්ගමයා කැමති....

Anonymous said...

මෙවන් අඩවියක මාගේ බ්ලොග් පිටුව විවේචනයට ගැනීමත් එය දෙවෙනි ස්ථානය තරම් ඉතා සමීපතම අංකයකට ගෙන ඒමත් පිළිබඳව මගේ ස්තූථිය පුදකරමි.

විවේචනය ඉතා හොඳ දෙයක් බවට කිසිම විවේචනයක් නැතත්.මම කුඩා කළ සිටිම දැන සිටියේ වැඩි පුර වැරදි පෙන්වා දීම යනු විවේචනය බවයි.

එනිසා දෙවෙනියට මගේ අඩවිය කරා විවේචකගේ පැමීණීම යනු මගේ "සොඳුරු සිත" යම් තරමකට බිය පත් කළ බව නම් නොකියාම බැරිය.

එහෙත් දැන් මම නුඹව විවේචනය කරමි.

මා සිතූ තරමට නුඹ මගේ " සොඳුරු සිත " විවේචනය කර නැත. නුඹ සිදු කර ඇත්තේ මගේ සිත තව තවත් ‍සොඳුරු කිරීමයි...එය විවේචනය ද?

කෙසේ වුනත් නුඹ මගේ බ්ලොග් පිටුව කියවන්නටත්, ඒ ගැන ලිවීමටත් ගත් ඔබගේ අගනා කාලයට සහ විවචෙකට
මගේ ගෞරව ප්‍රණාමය පුද කරන
මම
෴වත්෴

නිශ් said...

මේක විවෙචනයක්ද ප්‍රසන්සාවක්ද?

කොහොම උනත් අලුත් සංකල්පයක් බලමු හොඳ විවෙචන තියෙවිද කියලා ඉදිරියට

බිඟූ said...

විවේචන් කියන වචනය තනියම ගන්න එක වැරදියි මං හිතන්නේ.

මොකද විවේචනයක් කියන එක හොඳ වෙන්නත් පුලුවන්, නරක වෙන්නත් පුලුවන්

Bunny said...

මේක මම දැක්කෙ අද, හොද වැඩක්..

අර කීව කතාව හරි

"සමහර අවස්ථාවල පුද්ගලික අත්දැකිම්ද පාඨකයා රවටමින් ඉදිරිපත් කීරිමට මැයට සුවිශේෂි හැකියාවක් ඇත."

මාත් මේක පිලිගන්නවා :-D