Sunday, January 16, 2011

හද ගී පොත ......... 5 විවේචන

නම - හද ගී පොත
බ්ලොග් ලින්ක් - http://hadageepotha.blogspot.com
ආරම්භක දිනය -15 ජනවාරි 2010
ලිපි ගනණ - 106 / ලාංකීයේ - 52


පැරණි සිංහල ගීතයේ සුන්දරත්වය, පරිගනකයෙන් ලොවක් දකින්නට තනන තරුණ පෙළක් හමුවට රැගෙන යන සිංහල බ්ලොග් නම් වූ නැවුම් මාධ්‍යයේ තවත් අපූර්වත්යකින් යුතු අඩවියකි හද ගී පොත. පැරණි ගීතයන්ගේ එකතුවක් ලෙස හැඳින් විය හැක.

"මගෙ අරමුණ ඒ නිතරම නො ඇහෙන ගීත පදවැල් අනෙක් අයත් එක්ක බෙදාගන්න... ජීවිතේ එක්ක යහමින් හැප්පුනු අය, ජීවිතේ මූණදෙන්න සිදුවෙන හැඟීම් වල සංකීර්ණ ස්වභාවය හොඳින් දන්නවා...දෙන්නෙක් අතර ඇතිවන ප්‍රේමයේ කොච්චර ප්‍රභේද තියනවද..." ලෙස ආරම්භක ලිපියේ අවසන සටහනක් තබන්නේ පටන් ගැනිමේදිම තමාට සහායක් වූ සිංහල බ්ලොග් කියවනවයට ද යුතුකම ඉටු කර ඇත.


මුලින් මුලින් ගීතය හා පසුබිම කෙටියෙන් පමණක් ඉදිරිපත් කලද, පසුව සෑම ගීතයකට ඒ වටා ගෙතුණු කතාවක්ද අපූරුවට අමූනා ඇත. පවණට සැලෙනා දොඹමල් සුවඳින්... යන ගීතය මේ ගීත අතරින් විවේචනයේ වඩාත් අවධානය යොමු වූ ලිපියයි.ආරම්භයේදි මසකට වැඩි ලිපි ගනණක් ලියූවද පසූ කාලයෙදි එය පහක් හෝ හයක් තරමට ක්‍රමීකව පහල බැස ඇත. ඔය අතර "රුවන් මුවා පොලෝ තලේ..." පැරණී ජාතිකාභිමානී ගිතයක් ද එක්කොට ලියූ ලිපියක් හමු විය.

අමුතු සින්දු ලෙස වෙනම වර්ගයකට අදාලව ගීතයන් එකතු කරන තිස්ස දොඩං‍ගොඩ මහතා විදෙස් රටක සේවය කරන බවට ඔහුගේ ලිපි වලින් ඒත්තු ගැන්වේ."රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවධ ඥාණ විදුරූ....." අපූරව ලියමන ඔබත් රසවිඳගන්න. එකිනෙකට වෙනස් විවධ වූ ගීත රැසක් සිංහල අවකාශයට එක් කල ඔහුට මෙම කර්තව්‍යය තවදුරටත් කරගෙන යාමට හැකිවේවායි පතමින් මෙම සටහන මෙසේ අවසන් කරමු.

4 comments:

බුවා said...

අනේ පල පොන්නයෝ

RanDil said...

කෝ දැන් විවේචන නවත්තලාද?

Anonymous said...

Film banna menna thanak
www.cinelanka.net

Anonymous said...

හරිම කැතයි බුවා.තමන්ගේ බ්ලොග් එකේ පොර ටෝක් දෙන ගමන් අනුන්ට දාන කොමෙන්ට් වල අජූව