Sunday, November 14, 2010

අන්තර්ජාලයේ මගේ බිත්තිය.. - 4 විවේචනය

නම -අන්තර්ජාලයේ මගේ බිත්තිය
බ්ලොග් ලින්ක් - http://biththiya.blogspot.com
ආරම්භක දිනය -16 අගෝස්තු 2006
ලිපි ගනණ - 83 / ලාංකීයේ - 51

දැනට හමූ වූ පැරණිතම සිංහල බ්ලොග් රචකයා මොහු වන බව සහෘර්ද බ්ලොග් පාඨක ඔබට මෙසේ සනිටුහන් කරනුයේ මහත් වූ අභිමානයකිනි. වසර 2006 තම මුල්ම ලිපිය සිංහල බ්ලොග් අවකාශයට එකතු කරනුයේ අගෝස්තු මස 17 වන දිනකය. දොරට වැඩුම ලෙස නම් කර ඇති මෙහි ඇත්තේ පද හතරකින් යුතු  කවි පන්තියක් පමණක් බව  උදක්ම කිව යුතුමය.

උදෑසනම කිම ඉර අද....
ජාලය තුල මගුලක් වෙද....
පුවත් පතක් අරඹා ඇත..
එනු මිතුරනි ලියනු මැනව....

අන්තර්ජාලයේ මගේ බිත්තිය.. යන අඩවි නාමයට අමතරව බ්ලොග් පාඨයක් ඉදිරිපත් ( බිත්ති වල නරක දේවල් ලියන්න එපා කියල මම කියන්නෙ නැහැ..එහෙම ලිව්වහම කැතයි කියල විතරක් කියන්නම්... ) කරමින් සිංහල අපිට බ්ලොග්කරණය තුලg නව අංගයක් එකතු කර පෙන්වා දී ඇත. සිංහල බ්ලොග් කරුවන් ගේ සංසදය හෝ ලාංකීය සිතුවිලි හෝ කොත්තුව නැති කලක උවද එදිනම ප්‍රතිචාර හතරක් ලබා ඇතත් ... ඉන් අනතුරුව ලැබූ ප්‍රතිචාර මෙම වර්ශයේ ලද එවා බව පෙන්වා දීමට කැමැත්තෙමු. මෑතකදි සිංහලෙන් ලිවිමට පටන් ගෙන පොරවල් වීමට, උඩ පනින ඔලුව ඉදිමී ඇති සමහරක් මේ බව නොදන්නවා ඇත. එහෙයින් දැන්මම මෙම අඩවියට ගොස් ඒ නිහතමානීත්ව අඳුනාගන්න. ඉන්පසු ලියනු ලැබ ඇත්තේ "අපේ රාජ්ජේ....... " නම් වූ තවත්  කුඩා පැද පෙළකි. එයින් ඔහු මොනවට අදහක් කර ඇත්තේ මේ අවාකශය තුල තවමත් බොහෝ පිරිසක් එක් නොවී ඇති බවයි. එය සාධක සහිතව ඔප්පු වන්නේ එයට ඇති එකම එක ප්‍රතිචාරය නිසාමයි. එයද මේ වසර තුල එක් කරන ලද්දිකි.  ඉතින් ඔබ මදකට සිතන්න. අවාකශය තුල සැරි සරන ඔබ කොතෙකුත් දැක ඇති "අනේ මටත් කමෙන්ටුවක් දාන්නකෝ" යන මලප්‍රෙරේත ඇඬියාම මෙම අඩවිය තුල දක්නට නොමැත. කමෙන්ටු ගැන තැකිමක් නොකර තම රසවින්දනය උදෙසා සෙමින් ගමනක් යන මෙම් අඩවිය පෙන්වා දෙනුයේ වටිනා අදාර්ශයකි.


2006 වර්ෂයෙදි ලිපි 8 කට පමණක් සීමා වුවත් බ්ලොග් කරනය අත් නොහැරි මොහු 2007 වර්ෂයේදිද එක් ලිපියක් හෝ තැබීම බොහෝ සතුටු විය හැකි කරුණකි. 2008 දි ලිපි අටකටද , 2009 දි ලිපි19 කටද උරුම කම් කියමින් 2010 වර්ෂයේදි ලිපි 48 සටහන් කර ඇත. තාක්ෂනය, චිත්‍රපට ,විචාර පමණක්ම නොව එදිනෙදා සිදුවිම්ද එක් කරමින් පාඨක අපව වෙහෙස නොකර කෙටියෙන් තම අදහස් විදහා දක්වන්නට සමතෙකි. කතා කල යුතුම මාතෘකාව වනුයේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" යන පොත එලි දැක්වීම ගැනයි. ඒ පිළිබඳව ඔබේ අදහස් මෙම් සැබැඳියෙන් ගොස් සටහන් කරන්නේ නම් ඔහුට ශක්තියක් වනු ඇත. එලෙසම SBU හමුව ගැන ලිපියක් එක් කර ඇති නිසා ඒ ගැනත් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින්නේ, අද වන විට 2010 දී පවත්වන  SBU සුහද හමුව මේ වන විටත් කරලියට පැමිණ ඇති බැවිනි.

කියන දේ අසීම යන ලිපිය ඔබ නොවරදාවාම කියවිය යුතුමය යයි අපි නිර්දේශ කරන්නෙමු. ඉක්මනින් සල්ලි හෙවීම ගැන බර බර ලිපි දාන පුංචි මල්ලිලා සෙට් එක මේ ලිපිය බලන්න. "මගේ ඇඩ්සෙන්ස් ආදායම".

ඊලඟ විවේචනය  හද ගී පොත... වනු ඇත.

2 comments:

Anonymous said...

මගේ මතකය නිවැරදි නම් මේ blog එක හදල තියෙන්නේ සිංහල යුනිකෝඩ් සංගමයේ මුල් කාලීන සමාජිකයෙක්. මේක මුලින් ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම දෙයක් සිංහල යුනිකොඩ් වලින් ලියන්න පුළුවන් වෙන්න සමූහට මෙහි අයිතිකරු විසින් මුරපදය සමූහයට එවා තිබුනා. අන්තර්ජාලයේ සිංහල අකුරු ප්‍රචලිත කරන්න ඔහුගේ ඒ වෑයම යම් තාක් දුරකට ඉවහල් වෙන්න ඇති. සමහර විට ඒ blog එක සිංහල යුනිකේතයෙන් ලියූ පළමු blog එක වෙන්නත් පුළුවන්. (අඳුරු මතකයක් තියනවා ඊට කලින් හදපු සිංහල blog එකක් හමු වුනා වගේ. හරියට මතක නෑ.)

RanDil said...

කෝ ?????
හද ගී පොත කෝ?