නම -රනා ලියන බ්ලොග්
බ්ලොග් ලින්ක් - http://rana-liyana-blog.blogspot.com/
ආරම්භක දිනය -23 ජුනි 2009
ලිපි ගනණ - 75 / ලාංකීයේ - 35
තුන් වල ලිපිය සඳහා රනා ලියන බ්ලොග් යොදා ගැනීමට හේතුව වූයේ මුලින්ම ප්‍රතිචාරයක් දක්වීමට දරන ලද උත්සාහයට කෘතගුණ දැක්වීමටය. ගිය වසරේ මැද භාගයේදි ආරම්භය සනිහිටුවන් කලද මෙම සිංහල බ්ලොගය තුල ඇති ලිපි ගණන ඉතාමත් ස්වල්පය. විවධ පතයන් ඔස්සේ ලියවුනු ලිපි සහිත මෙම අඩවිය වැඩිම ලිපි සංඛ්‍යවක් ලීයූ මාසය වනුයේ අප්‍රේයල් මාසයයි. ඒයට හේතුව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මෙහෙයවූ මැරතන් ඉසව්වයි. මැරතන් තඟයට සිදුවූයේ කුමක්ද යන්න හෝ එයින් ජයගත්තේ කවුරුන්ද යන වග මෙතෙක් රහසක්ව පවත්වාගෙන යාම එම ඉසව්වේ පාරදෘශ්‍ය බාවය මොනවට පිළිඹිබු කරයි. වෙනම දිනයක ඒ මැරතන් ඉසව්ව පිළිබඳ සටහනක් තබන්නෙමු.
දේශපාලනිකව එක් කඳවුරකට තම උපරිම සහාය දැක්වීමට පහුගිය කල හැසිරී ඇති බව පෙන්වන ලිපි කිහිපයක් දක්නට ඇත. පෙරවදනක් හා පිදුමකින් පටන් ගන්නා රනා ලියන බ්ලොග් වර්තාම නවක බ්ලොග් කරුවන්ටද පූර්වාදර්ශයක් දී ඇත. රූපවාහිණීය මූලික කොට දමන ලදි ලිපි සංඛ්‍යවක්ද ඇති නිසා මධ්‍ය අසුරෙන් ඒ මත යෑපි ලිපියක් ගොඩ දාගන්නා බව හැඟීයයි. උදාහරණ ලෙස සිරස සුපර් ඉස්ටාර් සහ අල්ලපු ගෙදර නංගී ගෙන හැර දැක්විය හැක. නමුත් ඒ තුලින් සමාජයට පණිවුඩයක් රැගෙන ගොස් ඇත. ගොරකා මත යෑපි ගොරකා ලිපි තුනක් පල කරන මෙම බ්ලොග් අඩවිය ඉන් පසු දිගටම ගොරකා ගති පෙන්නුම් කරමින් ඔනාවට එපාවට මෙන් පින්තූර ප්‍රදර්ශණය කීරිමට පටන් ගෙන ඇති බව මෑතක ලියන ලද සියලුම ලිපි සාක්ෂි දරයි.
බ්ලොග් මැරතන් සිදුවූ දින ලියන ලද ලිපි තුලින් පෙන්වූ හරවත් බව හෝ නොහැකියාව බෝහෝ පාඨකයන් අතර ගියේ නැත. අමාරුම ඉසව්ව ඉවරයි යන ලිපිය හෝඳින් කියවා බැලිය යුතු යැයි ඔබට යෝජනා කරන්නෙමු. තාක්ෂණික මෙන්ම සමාජයේ පැතිකඩයන් හරවත් ලෙස ගෙන හැර දැක්විය හැකි මෙවන් බ්ලොග් කරුවන් ගොරකා ලිපි දැමිමේ තත්වයට ඇද වැටීමට යම් යම් හේතු බලපෑ හැක. එනමුදු මාසයකට එක් ලිපියක් හෝ දැමිමේ කෑඳර කමට ලොල් වී වටිනා කමක් නැති පින්තුරයක් දමා බ්ලොග් අඩවිය කැත කරගැනීම මොහු වැනි අයකුට තරම් නොවේ. නිදහස් මෘදුකංග පිළිබඳව මෙන්ම පරිගනක තාක්ෂණය පිලිබඳවද දැනුමක් ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත් මොහු තවත් එක් නිර්ණාමික බ්ලොග් කරුවෙක් පමණී.
කවි ලිවීමේ හා විචාරය කිරිමේ හැකියාව ඇති ඔබගේ මෑත කාලීන සෑම ලිපියක්ම කිසිඳු වැදගැම්මකට නැත. ඔබද අප හා එකඟවනවාට කිසිඳු සැකයක් නැත. එහෙයින් ආරම්භයේදි සිදු කල ලෙස හරවත් ලිපි ලිවිමට ඔබට හැකිවේවායි, අපි විවේචන කණ්ඩායමක් ලෙස ප්‍රාර්ථනා කරමු.
ඊලඟ විවේචනය අන්තර්ජාලයේ මගේ බිත්තිය කරා එනු ඇත
Saturday, November 6, 2010
රනා ලියන බ්ලොග් - 3 විවේචනය
Posted by
විවේචන
at
10:40 AM
Subscribe to:
Post Comments (Atom)
2 comments:
"මෑත කාලීන සෑම ලිපියක්ම කිසිඳු වැදගැම්මකට නැත. ඔබද අප හා එකඟවනවාට කිසිඳු සැකයක් නැත"
එකඟ නොවෙමි.
මෙන්න මම කොහෙන්දෝ මන්දා කියවපු චූටි කතාවක් (මතක විදිහටනම් ඛලීල් ජිබ්රාන්ගේ කතාවක්)
=================
එක දවසක් මිතුරු කවියෝ දෙන්නෙක් හමු වුණාලු. ඒ දෙන්නා තම තමන්ගෙ නිර්මාණ ගැන කතා කළාලු. එක කවියෙක් කිවුවලු
"මම පහුගිය මාස කීපය පුරා වෙහෙසිලා මගේ ශ්‍රේෂ්ඨතම කාව්‍යය ලිවුවා" කියලා.
දෙවෙනි කවියා කිවුවලු
"ආ එහෙනම් ඒක බොහොම හරවත් නිර්මාණයක් වෙන්න ඕනෙ මමනම් පහුගිය කාලෙ ඒ හැටි දෙයක් ලිවුවෙ නෑ , උද්‍යානයක සෙල්ලම් කරන ළමයෙක් ගැන පද කවි දෙකක් නම් ලිවුවා" කියලා.
පළවෙනි කවියා කිවුවලු
"ඔබ වගේ නිර්මාණ හැකියාව තියෙන කෙනෙක් ඒ වගේ වැදැග්ගමකට නැති දේවල් කර කර ඉන්නෙ ඇයි. ලියන්නකො මම වගේ මහා කාව්‍යයක්" කියලා
එයින් ශතවර්ෂයකට පස්සෙ අර පළවෙනි කවියගෙ මහා කාව්‍යය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණයක් විදිහට ප්‍රසිද්ධ වෙලා මහා පුස්තකාල වල රාක්ක වල ගාම්භීර විදිහට අරක්ගෙන හිටියලු. ඒක ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කියලා ගොඩක් දෙනා දැනගෙන හිටියලු. ඒ වුනත් ඒකෙ ලියලා තියෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙ අතලොස්සක් දෙනාලු. අර දෙවෙනි කවියාගේ කවි දෙක හැමදෙනාම වගේ කටපාඩමින් ගායන කරන්න දැනගෙන හිටියලු. ළමයි සෙල්ලම් කරනකොට ඒ කවි දෙක කිවුවලු. වැඩිහිටියොත්තමන්ගෙ ළමා කාලය මතක් කරගන්න ඒ කවි දෙක උදවු කර ගත්තලු. හැබැයි ඒ කවි දෙක කාගෙ නිර්මාණයක්ද කියලනම් කාටවත් මතක තිබ්බෙ නැල්ලු.
http://si.hathmaluwa.org
http://lankablogs.com
http://sindiya.com
http://lankablogger.info
http://lankablogger.com
mava Blog Syndi Novada ?
Post a Comment